29.4 C
Galle

IMF – මහබැංකු සාකච්ඡාව අද

Published:

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (18) මහ බැංකු නියෝජිතයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.

ඉන් අනතුරුව ඔවුන් ජනාධිපතිවරයා සහ නව අමාත්‍යවරු ද මුණ ගැසෙනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම්වල තුන්වැනි අදිය සමාලෝචනය මෙහි දී සිදුකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ.

සිව්වැනි වාරිකය නිදහස් කරනු ලබන්නේ මෙලෙස සිදුකරනු ලබන සමාලෝචනයෙන් අනතුරුවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් වන අතර එය සිව් අවුරුදු විස්තීරණ ණය පහසුකමකි.

ඒ අනුව එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 333ක් 2023 මාර්තු මස 21වන දිනත් අමෙරිකානු ඩොලර් මිලියන 337ක් දෙසැම්බර් මස 13වන දිනත් මෙරටට මුදාහරිනු ලැබීය.

තුන්වන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 336ක් 2024 ජුනි මස 12 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දීමට පියවර ගෙන තිබුණි.

Related articles

spot_img
error: Content is protected !!