29.4 C
Galle

පාර්ලිමේන්තුව රැස්වෙයි. කතානායක රංවල

Published:

2024 මහ මැතිවරණයෙන් පසු 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අද (21) ආරම්භ විය.

පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු කතානායකවරයකු පත්කර ගැනීමේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල සුදුසු යැයි කරන ලද යෝජනාව අමාත්‍ය විජිත හේරත් විසින් ස්ථිකර කිරීම හේතුවෙන් අශෝක රංවල කතානායකවරයා ලෙස පත්වූයේය.

කථානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කථානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කරගැනීම සිදුකරයි.

පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමිව තිබිණි.

මෙම මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!