27.5 C
Galle

පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන මහලේකම්වරිය කියයි

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද සහ නිල නිවාස ලබා දීම සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය සහ ප්‍රතිපත්ති පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැහැදිලි කර ඇත.

අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට කිලෝමීටර් 40 කට වැඩි දුරින් සිටින මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස සංකීර්ණයේ නිල නිවාස ඉල්ලීමට සුදුසුකම් ඇති බවයි. මේ වන විට මන්ත්‍රීවරුන් 35 දෙනෙකු එවැනි ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.  

“හිටපු මන්ත්‍රීවරුන් විසින් කලින් ආපසු ලබා දුන් නිවාස 25ක් 30ක් පමණ අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීමට ප්‍රතිසංස්කරණය කරමින් පවතී. ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ පසු ප්‍රමුඛතාවය මත මෙම නිවාස ලබා දෙනවා” ඇය පෙන්වා දුන්නාය.  

“මාදිවෙල නිවාස සංකීර්ණයේ ඇති නිල නිවාස 108 න් 80 ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා නම් කර ඇති අතර 28 ක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා වෙන් කර ඇත. මෙම විධිවිධානය පාර්ලිමේන්තු නියෝජනය මත පදනම් වූ නිවාස සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කරයි.

නවක මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කර ඇත්ද යන්න පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ තමා දන්නා පරිදි මන්ත්‍රීවරුන්ට දැනට ලබා දී ඇති වරප්‍රසාදවල සැලකිය යුතු වෙනසක් සිදු නොවන බවයි.

Related articles

spot_img
error: Content is protected !!