27.5 C
Galle

සතොසෙන් දිනකට හාල් කිලෝ ලක්ෂ 02ක්

Published:

ජනතාව වෙත දිනකට සහල් කිලෝ ලක්ෂ 02 බැගින් සතොස වළෙඳ සැල්වල අළෙවි කිරීමට තීරණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකා සංවර්ධන  අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (04) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

අද (04) සිට මෙලෙස සහල් අළෙවි කිරීම ආරම්භ කරන බවත් සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 220.00 බැගින් ලබා දෙන බවත් හෙතෙම පවසයි.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

“සහල් මෝල් හිමියන් අප සමඟ එකඟ වුණා සතොස හරහා දිනකට සහල් කිලෝ ලක්ෂ 02ක් එක කිලෝග්‍රෑමයක් රුපියල් 220.00ක මුදලකට ලබාදීමට. මෝල් හිමියන් කියනවා තමන් සතු සහල් තොග නිදහස් කරන්න නොහැකි වී තිබෙන්නේ බැංකුවල ප්‍රශ්නයක් නිසා කියලා. මේ ප්‍රශ්නයට අපි විසඳුමක් ලබා දුන්නා. ඒ නිසා අද සිට මෝල් හිමියන් අප සමඟ එකඟ වෙලා තියෙනවා දිනකට සහල් කිලෝ ලක්ෂ 02ක් ලබා දීමට.”

Related articles

spot_img
error: Content is protected !!