27.7 C
Galle

සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කරයි

Published:

2024 වර්ෂයට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ දී පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව අද (18) නිවේදනය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර පවසන්නේ, සාමාන්‍ය පෙළ විභාගය 2025 මාර්තු 17 වනදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක හා විද්‍යුත් තැපෑල ලිපිනයක්ද විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත.

සෘජු දුරකථන අංක      –  1911, 0112784208, 0112784537, 0112786616

ෆැක්ස් අංකය             –  0112784422

පොදු දුරකථන අංක    – 0112786200, 0112784201, 0112785202

විද්‍යුත් තැපැල් ලිපිනය  – [email protected]

Related articles

spot_img
error: Content is protected !!