27.7 C
Galle

ගාල්ලේ වෙඩි තැබීමකින්, අයෙක් මරුට

Published:

ගාල්ල දඩල්ලේ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ පටබැඳිගේ පැතුම් නමැති වංචාවල, මැලෑගොඩ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු තම බිරිඳ සමඟ ගාල්ල සිට කොළඹ දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තැබීම කර  ඇතැයි ද පොලිසිය පවසයි.

තුවාල ලැබූ සැමියා සහ බිරිඳ ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සැමියා මියගොස් ඇත. බිරිඳ රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!