27.7 C
Galle

සෙල්ෆි ඡායාරූපය, අම්මාටත් දියණියටත් මරු කැඳවයි

Published:

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය මවක සහ දියණියක අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියේ ගැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුරයේ සිට අනුරාධපුරයට පැමිණි දෙදෙනෙකි. 18 හැවිරිදි දියණිය ටයිකොන්ඩෝ තරඟයකට සහභාගීවීමට අනුරාධපුරයට පැමිණ ඇත්තේ 38 හැවිරිදි තම මව සමගිනි. තරඟාවලිය අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ පවත්වා තිබේ.

මවත් දියණියත් සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටිය දී කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය පැමිණ ඇති අතර දෙදෙනා එහි ගැටී ඇත.

Related articles

spot_img
error: Content is protected !!