27.7 C
Galle

පුද්ගලික රෝහල් මට්ටු කරන්න, රජය සැරසෙයි

Published:

පෞද්ගලික රෝහල් සහ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන නියාමනය කිරීමට රජය පියවර ගෙන ඇතැයි අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පුද්ගලික රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ගැනීමේ දී ජනතාව බරපතල ගැටලුවලට මුහුණ දෙන බවයි. එම රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන නියාමනය කිරීම සම්බන්ධයේන ඇතැම් ගැසට් නිවේදන නිකුත් කර ඇතත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වී නැතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ හේතුවේ පුද්ගලික රෝහල් හිමිකරුවන් ඇතුළු අදාළ පාර්ශව සමඟ රජය සාකච්ඡා ආරම්භ කර ඇති බව ද හෙතෙම කීවේය.

Related articles

spot_img
error: Content is protected !!