27.4 C
Galle

ඊ පාස්පෝර්ට් සහ ඊ වීසා ගනුදෙනු වාර්තා පාර්ලිමේන්තුවට

Published:

ඊ පාස්පෝර්ට් සහ ඊ වීසා සම්බන්ධයෙන් සිදුකරන ලද විගණනය සම්බන්ධ සියලු වාර්තා ලබන ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට භාරදීමට කටයුතු කරන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න පවසයි.

ආන්දෝලනයට තුඩු දුන් ඊ පාස්පෝර්ට් සහ ඊ වීසා සම්බන්ධ ගනුදෙනු පිළිබඳ විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන්ව ඇති බවත් එම විමර්ශනවලින් අක්‍රමිකතා රැසක් අනාවරණය වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

ඊට සම්බන්ධ ආයතනවලින් අවසන් වාර්තා මේ දිනවල කැඳවන බවත් ඉන් පසු සම්පූර්ණ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවත් ඔහු පවසයි.

Related articles

spot_img
error: Content is protected !!