27.4 C
Galle

ගාලු කොටුවේ, පැරණි දොරකඩ වසා දමයි

Published:

ඓතිහාසික ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ සංරක්ෂණ කටයුතු සඳහා තාවකාලිකව වසා දමන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කර ඇත්තේ දෙසැම්බර් 28 වැනි දා සිට 31 වැනි දා දක්වා මෙම සංරක්ෂණ කටයුතු හේතුවෙන් වසා දමන බවයි. ඒ අනුව එම දින 04ක කාලයේ දී ගාල්ල, බාලදක්ෂ මාවත ඔස්සේ කොටුවට ඇතුළුවීමට නොහැකි වන අතර, කොටුවට ඇතුළුවීම සහ පිටවීම යන දෙකට ම කොටු පවුරේ ඉදිරිපස මධ්‍යයේ ඇති නව කොටු දොරකඩ භාවිතා කරන ලෙස ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!