28 C
Galle

නව යුද හමුදාපති සහ නාවික හමුදාපති පත්වෙති

Published:

යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ යන දෙදෙනා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කර ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඔවුන්ගේ පත්වීම් ලිපි අද (30) ජනාධිපති ලේකම් කර්යාලයේ දී ඔවුන් වෙත භාරදෙන ලදී.

දැනට යුද හමුදාපතිවරයා‍ ලෙස කටයුතු කරන ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරන වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හෙට (31) සිය ධූරවලින් විශ්‍රාම ලැබීමට නියමිතය. ඒ අනුව නව යුද හමුදාපති සහ නාවික හමුදාපති පත්කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!