28 C
Galle

ටින් මාළු වැට් බද්ද ප්‍රශ්නයක් ?

Published:

ශ්‍රී ලංකාවේ සැමන් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කරන්න යැයි ශ්‍රී ලංකා ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

එම සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු සඳහන් කළේ සැමන් සඳහා පාලන මිලක් පැනවීම ගැටලුවක් නෙවන බවයි. නමුත් මේ සඳහා පනවා ඇති වැට් බද්ද ටින් මාළු නිෂ්පාදකයන්ට ගැටලුවක් බව ද හෙතෙම කියා සිටියේ ය.  

ඔහු පවසන්නේ වැට් බද්ද අඩු නොකළහොත් එහි අහිතකර බලපෑම විඳීමට සිදුවන්නේ ධීවරයන්ට බවයි.

කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් පාලන මිලක් නියමකරනු ලබන්නේ සියලු පාර්ශව සමඟ එකඟතාවකට පැමිණීමෙන් පසුවය.

ඒ අනුව ටින් මාළු සඳහා පාලන මිලක් පැනවීමේ දී ද සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් කියා සිටියේ ය.

Related articles

spot_img
error: Content is protected !!