28 C
Galle

පාසල් සිසුවකුට පිහියක් පෙන්නා, බැංකුවේ මුදල් කොල්ලකාලා

Published:

කහටගස්දිගිලිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වී නිවසට යමින් සිටි පාසල් ශිෂ්‍යකු පැහැරගෙන ගොස් බියවද්දා රුපියල් 67,000.00ක මුදලක් පැහැරගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විජයපුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු සහ හිදෝගම පහළ තුරුවිල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

18 හැවිැරිදි එම සිසුවා අනුරාධපුර නව නගරයේ සිටියදී කාරයකින් පැමිණි පුද්ගලයන් සිව්දෙනකු ඔහුට පිහියක් පෙන්වා තර්ජනය කර කාරයට නංවාගෙන පාළු ස්ථානයකට රැගෙන ගොස් සිසුවාගේ සාක්කුවල තිබූ රුපියල් 2,000.00ක මුදලක් සහ බැංකු කාර්ඩ්පතක් පැහැරගෙන ඇත.

ඉන් අනතුරුව ඔහු බැංකු ටෙලර් යන්ත්‍රයක් අසළට රැගෙන ගොස් ඔහු බියට පත්කරමින් බැංකු ගිනුමක තිබූ රුපියල් 65,000.00ක මුදලක් ද රැගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!