28.8 C
Galle

සාදයේ දී කුණුහරුප කී, හරීන් ප්‍රනාන්දු කියූ කතාව

Published:

සාදයක දී බීමත්ව අසභ්‍ය වචනයෙන් බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කරුණු පැහැදිළි කළේය.

“මම හිතනවා මට නිදහසේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියලා. ඉස්සර ඇමති කෙනෙක් වුණත් දැන් මම මන්ත්‍රී කෙනෙක්වත් නෙවෙයි. සාමාන්‍ය පුද්ගලයෙක්. ඒ සාදයේ දී කෙනෙක් මුට කුණුහරුප කියමින් ‘පුතාලා පැරදිලා නම් ගෙදර හිටපං’ කියමින් වැලමිටෙන් ඇන්නා. එහෙම ඇනලා ඔහු ඉදිරියට යද්දී මා ඔහු දෙසට යාමට උත්සා ගත්තා. මා අසළ සිටි අය මට යන්න දුන්නේ නෑ. මා අල්ලාගත්තා. ඔහු මට කුණුහරුපයෙන් බැන්නා. මමත් නිකන් හිටියේ නෑ. ඒ වචනවලින් ම ඔහුට බැන්නා. මම කවදාවත් අසාධාරණයක් වුණු තැනක පස්සට ගිය කෙනෙක් නෙවෙයි.” යැයි හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා ඇත.

කොළඹ ක්‍රීඩා සමාජ අවන්හලකදී හටගත් බව කියන මෙම ගැටුමට අදාළව සංසරණය වන වීඩියෝවේ “චණ්ඩි ඉන්නවනම් වරෙල්ලා,” යනුවෙන් නැගෙන ඝෝෂා ශබ්ද මෙන්ම හරින් ප්‍රනාන්දුව අදාළ ස්ථානයෙන් ඉවතට රැගෙන යෑමට වෙරදරන අයුරු ද දක්නට තිබේ. ඒවා සම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!