27.8 C
Galle

මහින්ද ඇමෙරිකාවේ දිගටම ඉඳියි

Published:

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද සමරසිිංහ එම ධූරයේ තවදුරටත් තබාගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයිද වාර්තා වෙයි.

නව රජය බලයට පත්වීමෙන් පසු එතෙක් තානාපතිධූරවවල සහ මහ කොමසාරිස් ධූරවල කටයුතු කළ 16 දෙනකු යළි කැඳවා තිබිණි.

තානාපති සහ මහ කොමසාරිස් කාර්යාල කීපයකට සිදු කර තිබූ දේශපාලන පත්වීම් අවසන් කිරීම නිසා කාර්යාල කීපයකම පුරප්පාඩු ඇතිවී තිබෙන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. නමුත් තානාපතිවරු සහ මහා කොමසාරිස්වරු පත්කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බැවින් ඒ සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය වන බවත් ඔවුන් කියා සිටී.

Related articles

spot_img
error: Content is protected !!