30.5 C
Galle

රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු ගැන විශේෂ උපදෙස් මාලාවක්

Published:

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රහිත නිවාඩු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දීමක් කර ඇතැයි වාර්තා වේ.

ඇතැම් රාජ්‍ය නිලධාරීන් වසර 05ක් සඳහා දේශීය නිවාඩු ලබාගෙන එම නිවාඩු අවලංගු කිරීමකින් තොරව විදේශ නිවාඩු අයදුම් කිරීමේ අවස්ථා ද වාර්තාවන බැවින් නිවාඩු අනුමත කිරීමේ දී ඒ පිළිබඳ සළකා බලන ලෙස ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

විශ්‍රාම වැටුපට බලපෑමක් නොවන ආකාරයෙන් වැටුප් රහත දේශීය සහ විදේශීය නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් 2022 ජුනි මස 22 වන දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව සිදුවන අක්‍රමිකතා මඟහරවා ගැනීම සඳහා නව උපදෙස් නිකුත්කර තිබේ.

විදේශ නිවාඩු අයදුම්පත් යොමු කිරීමේ දී නිලධාරීන් විසින් මීට පෙර ලබා ඇති දේශීය හා විදේශීය නිවාඩු පරීක්ෂා කර ආවරණ ලිපිවල ඒ පිළිබඳව පැහැදිලිව සටහන් කළ යුතු බව ද අමාත්‍යාංශය සඳහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!