30.5 C
Galle

සුනඛයා බේරයි. දරුවා මරුට

Published:

මාර්ගය හරහා දිවගිය සුනඛයකු බේරීමට උත්සාහගත් ත්‍රී රෝද රථයක් පෙරැළී ඉදිරියෙන් පැමිණි බසයක ගැටීම හේතුවෙන් කුඩා දරුවකු මියගොස් ඇතැයි රාජාංගනය‍ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිහේන, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 12ක දරුවෙකි

ඊයේ (05) රාත්‍රී අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ රාජාංගනය ආසන්නයේ දී මේ අනතුර සිදුව ඇත. පුත්තලම සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථය පෙරැළී ගොස් බසයේ ගැ‍ටුණු අවස්ථාවේ එහි පිටුපස ආසනයේ සිටි දරුවා බරපතල තුවාල ලබා නොච්චියාගම රෝහලට රැගෙන යද්දී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!