30.5 C
Galle

“විද්‍යාවට ප්‍රමුඛත්වය දිය යුතුයි” – අගමැතිනි

Published:

ශක්තිමත් පර්යේෂණ සඳහා ඉඩප්‍රස්ථා සහ මඟපෙන්වීම ලබාදීම රටක සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍යයි ද අධ්‍යාපනයේ දී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂයයක් බව ද අගමැතිනි  හරිනි අමරසූරිය අද (08) කීවාය.

ඇය මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සංවත්සරික උත්සවයට සහභාගී වෙමිනි. එම උත්සවය ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්විණි.  

අගමැතිවරිය වැඩිදුරටත් කියා සිටියේ රටතුළ විද්‍යාත්මක අධ්‍යයන හා පර්යේෂණවලට අතදීම සහ ඒවා වැඩදියුණු කිරීම සඳහා රජය අවධානය යොමුකර ඇති බවයි.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ නව සභාපතිවරයා ලෙස මාහාචර්ය උදේනි පී.නවගමුව පත්විය.  

Related articles

spot_img
error: Content is protected !!