30.5 C
Galle

ගොඩනැගිල්ලෙන් වැටුණු දැරිය මරුට

Published:

කොළඹ මියුසියස් විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි දැරියක් බොරැල්ල මහල් 24කින් යුත් මහල් නිවාස සංකීර්ණයක 12 වැනි මහලෙන් වැටීමෙන් මියගොස් ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඊයේ (10) රාත්‍රියේ මෙම සිද්ධිය සිදුව ඇති අතර, බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.

ඇගේ මව පවසා ඇත්තේ දැරිය කලක සිට මානසික ආතතියකට ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

කෙසේ වෙතත් දැරිය බැල්කනියෙන් බිමට පැන්නේද එසේත් නැතිනම් මෙම වැටීම හදිසි අනතුරකින් සිදුවූවක්ද යන්න පිළිබඳව පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

Related articles

spot_img
error: Content is protected !!