29.4 C
Galle

ශ්‍රී ලංකාවට ආ නැව් 30ක්, හැරී ගිහින්

Published:

ශ්‍රී ලංකාවට පැමිණි නෞකා 25ක් හෝ 30ක් පමණ ආපසු හැරී ගොස් ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යජනිත් රුවන් කොඩිතුවක්කු පවසයි.

ඔහු පවසන්නේ බහාලුම් නිෂ්කාශන අංශයේ පැවැති ප්‍රමාදයක් හේතුවෙන් මේ තත්වය ඇති වී තිබෙන බවයි.

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදයට වහාම විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා ද මැදිහත් වී සාකච්ඡාවක් පැවැත් වූ බවත් ඒ අනුව සෑම දිනකම පැය 24 රාජකාරී කිරීමට රේගු නිලධාරීන් එකඟවූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අද (15) කීවේය.

බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ එම සාකච්ඡාවෙන් පසු නිෂ්කාශන ක්‍රියාවලිය මේ වනවිට කඩිනමින් සිදුවෙමින් පවතින බවයි.

කෙසේ වෙතත් ඔරුගොඩවත්ත රේගු අංගනය අසල තවදුරටත් පෝළිම් දක්නට ලැබේ.

ආනයන අපනයන නිෂ්කාශන නියෝජිතයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීමට නම් මෙම ක්‍රියාවලියට අදාළ සියලුම ආයතන පැය 24ම සේවය සැපයීම අවශ්‍ය බවයි.

Related articles

spot_img
error: Content is protected !!