28.9 C
Galle

ගංවතුරට හසු වූ දෙදෙනකු අතුරුදන්

Published:

පුලිපංචිකල් ප්‍රදේශයේ දී ගංවතුරට හසුවීමෙන් ඊයේ (25) සවස පුද්ගලයන් දෙදෙනකු අතුරුදන් වී ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 71ක සහ 52 වයස්වල පසුවන සන්දිවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකි.

ඔවුන් දෙදෙනා තම වගාබිම්වලට ගොස් නැවත පැමිණෙමින් සිටිය දී පුලිපංචිකල්ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!