29.4 C
Galle

ගොවීන්ට වන්දි ගෙවීම අද සිට

Published:

ගංවතුරෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීම අද (30) ආරම්භ කරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂ මණ්ඩලය පවසයි.

පසුගිය 2024 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් වගා හානි සිදු වූ ගොවීන්ට මෙලෙස වන්දි ලැබෙනු ඇත.

පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වව්නියාව සහ මුලතිව් දිස්‍ත්‍රික්කවලින් එම වන්දි ලබාදීම ආරම්භ කරන බවත් හානි සිදුවූ ගොවීන්ගේ ගිනුම්වලට අදාල මුදල බැර කරන බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති හේමසිරි ජාසිංආරච්චි පවසයි.

වගාහානි සිදු වූ ගොවි බිම් ප්‍රමාණය අක්කර 13,379ක් ලෙස හඳුනාගෙන ඇති අතර අද දිනයේ වන්දි ලබා දෙන්නේ වී වගාවේ යෙදුණු ගොවීන්ට බව ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!