27 C
Galle

පස් කන්දක් කඩා වැටී බරපතල හානි

Published:

හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ, ගෝනපිටිය ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටීමෙන් නිවාස සහ වාහන කිහිපයකට හානි සිදුව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

රාත්‍රී කාලයේ පැය කිහිපයක් පැවති දැඩි වර්ෂාව හේතුවෙන් අද (30) අලුයම මේ පස් කන්ද කඩා වැටී තිබිණි.

නිවාසවලට ද හානි සිදුව ඇති අතර යතුරුපැදි සහ ත්‍රී රෝද රථ කිහිපයක් පස්වලට යටවී ඇත.

Related articles

spot_img
error: Content is protected !!