27 C
Galle

හෝටල් කාමරයක තරුණයකුගේ මළ සිරුරක්

Published:

මාවනැල්ලේ හෝටල් කාමරයකට නැවතී සිටි 37 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් අද (02) අලුයම සොයාගත් බව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කුඹල්ඔළුව, පූඬළුඔය ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කළ අයෙකි.

අද අලුයම ඔහු නැවතී සිටි කාමරයෙන් ජලය පිටතට ගලාඑන ආකාරය දුට‍ෙු හෝටල් කළමනාකරු ඒ පිළිබඳ සොයා බැලීමේ දී මල සිරුර දැක ඇති බව පොලිසිය පවසයි.

ඔහු සිටි කාමරයේ  තිබී පානය කර ඉතිරි වූ මත්පැන් බෝතලයක්, රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් සහ කරාපු ජෝඩුවක් ද ඖෂධ වර්ග කිහිපයක් ද පරීක්ෂණවල දී හමු වී ඇත.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්විණි.

Related articles

spot_img
error: Content is protected !!