27 C
Galle

ජාතික නිදහස් දින සැමරුම අදයි

Published:

ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) නිදහස් චතුරශ්‍ර පරිශයේ දී පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇත.

“ජාතික පුනරුදයට පෙළගැසෙමු” යන තේමාව යටතේ මෙවර 77 වැනි නිදහස් දිනය සමරනු ලබන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

මෙවර නිදහස් දින උත්සවය සඳහා යොදාගන්නා යුද හමුදා නිලධාරීන් පිරිස පසුගිය වසරට සාපේක්ෂව 40%කින් අඩුකර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා කීවේය.

නිදහස් දින උත්සවය වෙනුවෙන් අද දිනයේ කොළඹ විශේෂ රථවාහන සැළැස්මක් ද ක්‍රියාත්මක වෙයි.

Related articles

spot_img
error: Content is protected !!