මෙරට සමස්ත විදුලි ගාස්තුව සාමාන්‍යයක් ලෙස 10% කින් ඉහළ නැංවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කර ඇත.
මෙම ගාස්තු සංශෝධනය සකස් කර ඇත්තේ විදුලි ඒකක පරිභෝජනය මෙන්ම විදුලි ඉල්ලුම වැඩි සහ අඩු අවස්ථාවන් (Peak & Off-peak) සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව විවිධ පාරිභෝගික කාණ්ඩ යටතේ ගාස්තු ඉහළ ගොස් ඇති ආකාරය පහත පරිදි වේ,
නිවාස පාරිභෝගික කාණ්ඩය:
- ඒකක 30 ට අඩු: 4.3% කින් ඉහළට.
- ඒකක 31 – 60 සහ 61 – 90: 6.9% බැගින් ඉහළට.
- ඒකක 91 – 180: 7.2% කින් ඉහළට.
- ඒකක 180 ට වැඩි: සමස්ත ගාස්තුව 25% කින් ඉහළට.
ආගමික ස්ථාන සහ විහාරස්ථාන:
- ඒකක 180 ට අඩු: ගාස්තු ඉහළ දමා නොමැත.
- ඒකක 180 ට වැඩි: 9.6% කින් ඉහළට.
අනෙකුත් අංශ:
කාර්මික සහ ව්‍යාපාරික අංශ සඳහා ද ගාස්තු සංශෝධන ක්‍රියාත්මක වන අතර එම ප්‍රතිශතයන් මෙසේය:
- රාජ්‍ය අංශය: 14.40%
- හෝටල් අංශය: 9.9%
- කර්මාන්ත අංශය: 8.7%
- පොදු කාර්ය ස්ථාන: 8%
මෙම ගාස්තු සංශෝධනය හරහා විදුලි උත්පාදන පිරිවැය සහ පාරිභෝගික ඉල්ලුම කළමනාකරණය කිරීමට අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටී.


