අද දින කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අවසානයේ ලියාපදිංචි සමාගම් අතරින් රුපියල් බිලියන 329ක අගයක් වාර්තා කරමින් කොමර්ෂල් බැංකුව, කොටස් වෙළඳපල වටිනාම සමාගම බවට පත්වී ඇත.
කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ගනුදෙනු 21,723ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,766ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 51ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,117ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් මිලියන 204
- ජෝන් කීල්ස් සමාගම මිලියන 131
- ඒ සී එල් කේබල්ස් මිලියන 100
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 08
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 07
- ඇක්මී සමාගම කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- හේලීස් ආර් සමාගම 48%
- කර්නර් හූස් හෝටලය 21%
- ඔපීස් ඉක්විප්මන්ට් සමාගම 09%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 329
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 327
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 321
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 44ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 112ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 68ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ඩී එෆ් සී සී බැංකුව රුපියල් මිලියන 13
- සී ඩී බී බැංකුව රුපියල් මිලියන 06
- යූනියන් ඇෂුවරන්ස් සමාගම මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- අමානා තකාෆුල් සමාගම රුපියල් මිලියන 29
- පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 11
- හේලීස් ෆැබ්රික් රුපියල් මිලියන 10
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


