28 C
Galle

රනිල්ගේ බිරිඳගෙන් CIDය ප්‍රශ්න කරයි

Published:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස වෙත ගොස් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය ලබාගැනීමට හේතුවී ඇති නිශ්චිත කරුණු හෝ එය දැනට විමර්ශනය වෙමින් පවතින කුමන සිදුවීමකට අදාළව සිදුකළාද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තොරතුරු අනාවරණය වී නොමැත.

පසුගිය රජය සමයේ සිදුවූ බව කියන විවිධ සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන කිහිපයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මෙම ප්‍රකාශය සටහන් කර ගැනීම ද එම විමර්ශන ක්‍රියාවලියේ එක් පියවරක් විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!