28.3 C
Galle

මාලදිවයින් ජනාධිපතිවරයා හෙට දිවයිනට, කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

Published:

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු (Mohamed Muizzu) මහතාගේ නිල ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් හෙට සිට කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

ජනාධිපති මුයිසු මහතා මැයි 03 වනදා සිට මැයි 06 වනදා දක්වා මෙම නිල සංචාරයේ නිරත වීමට නියමිතය. මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසගේ ගමන් පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් මෙම රථවාහන සැලැස්ම සකස් කර තිබේ.

මැයි 03 වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක-කොළඹ අධිවේගී මාර්ගය හරහා කොළඹට පැමිණීමට නියමිතය. ඒ අනුව පහත දැක්වෙන මංසන්ධි සහ මාර්ග ඔස්සේ ජනාධිපතිවරයාගේ රථ පෙළ ගමන් කිරීමට නියමිත බැවින් එම අවස්ථාවලදී රථවාහන ගමනාගමනය සීමා කෙරේ:

  • ඔරුගොඩවත්ත මංසන්ධිය
  • බේස්ලයින් පාර
  • බොරැල්ල මංසන්ධිය
  • ඩී.එස්. සේනානායක මංසන්ධිය
  • හෝර්ටන් පෙදෙස සහ නෙළුම් පොකුණ වටරවුම
  • ආනන්ද කුමාරස්වාමි මාවත
  • පුස්තකාල මංසන්ධිය සහ මල් පාර මංසන්ධිය
  • ලිබර්ටි වටරවුම සහ ශාන්ත මයිකල් පාර
  • ගාලු පාර සහ ගාලු මුවදොර වටරවුම
  • යෝර්ක් වීදිය

ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉහත සඳහන් කළ මාර්ග ඔස්සේ ගමන් කරන අවස්ථාවලදී රථවාහන විකල්ප මාර්ග කරා යොමු කිරීමට පියවර ගන්නා බව පොලිසිය සඳහන් කරයි. සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා එම කාලසීමාවන් තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Related articles

error: Content is protected !!