අද (16) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 24,639ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,854ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 03ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,377ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සී අයි සී සමාගම මිලියන 1423
- සිංගර් ශ්‍රී ලංකා සමාගම මිලියන 280
- ජෝන් කීල්ස් සමාගම මිලියන 156
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සී අයි සී සමාගම කොටස් මිලියන 44
- හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 19
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 07
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ටාජ් ලංකා සමාගම 13%
- රම්බොඩ ෆෝල්ස් සමාගම 08%
- ටෙස් ඇග්‍රො එක්ස් සමාගම 07%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 420
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 363
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 345
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 633ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 206ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 427ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- සී අයි සී රුපියල් මිලියන 513
- පික්මී රුපියල් මිලියන 50
- ඊ බී ක්‍රීසි රුපියල් මිලියන 02
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 29
- සියරා කේබල්ස් සමාගම රුපියල් මිලියන 25
- ප්‍රයිම් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 23
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



