26.9 C
Galle

හිටපු ඇමති ඒකනායක දිවි සැරියෙන් සමුගනී

Published:

හිටපු අමාත්‍ය ටී.බී.ඒකනායක අභාවප්‍රාප්ත වූයේය. මියයනවිට 67 වැන වියේ පසු වූ හෙතෙම කුරුණෑගල පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිය දී අද (06) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත. රෝහල් ප්‍රකාශකයකු කියා සිටියේ හිටපු අමාත්‍යවරයා දීර්ඝකාලයක් රෝගාතුරව සිටි බවයි.

පසුගිය පාර්ලිමේන්තුව දක්වාම මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වූ ටී. බී ඒකනායක මහතා අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය හා කැබිනට් අමාත්‍යධුරවල ද  කටයුතු කළේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් මෙවර මහ මැතිවරණයට තරග වැදුණ ද ඔහුට පාර්ලිමේන්තු අසුනක් හිමිකර ගැනීමට හැකියාව නොලැබුණි.

අභාවප්‍රාප්ත ටී. බී. ඒකනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇති.

Related articles

spot_img
error: Content is protected !!