27.1 C
Galle

බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පිරිමි ඉවතට. කාන්තාවන් ඇතුළට

Published:

බෝගම්බර පැරණි බන්ධනාගාරය කාන්තා රැඳවියන්ට නිරෝධායනය සඳහා වෙන්කළ බවත් එහි සිටි පිරිමි රැඳවූවන් වෙනත් ස්ථානවලට රැගෙන ගිය බවත් බන්ධනාගාර දෙපාර්ත්මේනතුව පවසයි.

මේ අනුව කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි කාන්තා රැඳවියන් 663ක පිරිසක් බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටවූ කාන්තා රැඳවියන් නිරෝධායන මධ්‍යස්ථානයට අනුයුක්ත කර ඇත.

කොරෝනා ආසාදිතව බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රිමාන්ඩ් රැඳවූවන් 322ක පිරිසක් අලිමංකඩ යුද හමුදා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්තානයට සහ මැගසින් බන්ධනාගරයට යොමු කිරීමට ද පියවර ගෙන තිබිණි.

එහි සේවා කටයුතු සඳහා අනුයුක්ත කර සිටි පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රැඳවූවන් 36 දෙනකු ද යළි එම බන්ධනාගාරයට ම යැවූ බව ද බන්ධනාගාර ප්‍රකාශකයකු සඳහන් කළේය.

බෝගම්බර බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයේ රිමාන්ඩ් සිරකරුවන් 800ක් පමණ නිරෝධායනය වෙමින් සිටි අතර අවස්ථා දෙකක් ඔවුහු පලායාමට උත්සාහ කළහ. එම බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු සහ රැඳවූළුන් 300කට අධික පිරසකට කොරෝනා වයිරසය ආසාදනය වී තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!