27.1 C
Galle

ගාල්ලේ දී ඊයේ කළ PCR පරීක්ෂණවලින් ආසාදිතයන් 08 දෙනෙක්

Published:

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඊයේ (06) දිනයේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 1029 අතරින් ආසාදිතයන් 08 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. අද (07) උදෑසන ආසාදිතයන් 04 දෙනකු පිළිබඳ තොරතුරු ලැබී තිබුණු අතර සවස තවත් 04 දෙනකුගේ තොරතුරු ලැබිණි.

ඔවුන් ඔ්ල්කොට් මාවත, තක්කියා පටුමග, හිරිඹුර හරස් පාර, එඩ්මන්ඩ් මාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිතයන් සියලු දෙනා රෝහල්ගත කිරීමට කටයුතු කරමින් සිටින අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කිරීම සඳහා කටයුතු කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!