27.1 C
Galle

ගාල්ලේ නාවික කඳවුරු දෙකක කොරෝනා ආසාදිතයන් හමුවෙලා

Published:

ගාල්ල දක්ෂිණ නාවික කඳවුරේ සහ බූස්ස නිපුන නාවික කඳවුරේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ ප්‍රධාන සමබන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ කියා සිටියේ දක්ෂිණ නාවික කඳවුරේ කොරෝනා ආසාදිතයන් දෙදෙනකු සිටින බව වාර්තා වූ බවයි. එමෙන් ම බූස්ස නිපුණ නාවික කඳවුරේ එක් නිවාකයකුට ද කොරෝනා ඇතැයි නාවික හමුදාව විසින් දැනුම් දී තිබෙන බව ඔහු කියා සිටියේය.

මෙම නාවිකයන් තිදෙනා දිස්ත්‍රික්ක වශයෙන් කිසිම දිස්ත්‍රික්කයකට මෙතෙක් ඇතුළත් කර නොමැති බව ද සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!