26.8 C
Galle

කොරෝනා මරණ දෙකක් අද වාර්තා වෙයි

Published:

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් දෙදෙනකුගේ විස්තර අද (07) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇත. මේ අතරින් මියගිය එක් පුද්ගලයකු නිශ්චිත පදිංචි ස්ථානයක් අනාවරණය වී නොමැති කොළඹ ප්‍රදේශයේ වයස අවුරුදු 62ක් පිරිමි පුද්ලයෙකි. අද (07) හෝමාගම මූලික රෝහ‌ේ දී මියගොස් තිබේ. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නිව්මෝනියාවයි.

කොළඹ 13 ජම්පටා වීදියේ පදිංචි වයස අවුරුදු 77ක පිරිමි පුද්ගලයකු හෝමාගම මූලික රෝහලේ දී අද මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා 19 ආසාදනය වීම සහ දියවැඩියාව සමඟ ඇති වූ ලේ විෂවීමකි.

මෙම මරණ දෙකත් සමඟ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 142ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

spot_img
error: Content is protected !!