26.8 C
Galle

තමන් ආනාරක්ෂිත බව කියමින් කරාපිටිය වෛද්‍ය පීඨයේ සේවකයෝ වැඩ වරති

Published:

රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ සිසුන් 07 දෙනකුට කෙරෝනා ආසාදනය වී තිබිය දී කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දන්වමින් කරාපිටියේ පිහිටි වෛද්‍ය පීඨයේ සේවක සේවිකාවෝ අද (08) එක්දින වැඩ වර්ජනයක් කළහ.

මෙම විරෝධතාව පිළිබඳ අදස් දැක්වූ රුහුණ විශ්වවිද්‍යාල වෘත්තීය සේවක සංගමයෙ සභාපති ධම්මික ප්‍රියන්ත කියා සිටියේ ආසාදිත සිසු සිසුවියන් ගැවසුණු ස්ථාන හෝ විෂබීජහරණය කිරීමට හෝ කටයුතු කර නොමැති බවයි. එමෙන් ම සැක සහිත පුද්ගලයන් පීසීආර් පරීක්ෂණවලට යොමු කිරිමද සිදුකර නැතැයි පවසන ඔහු කියා සිටියේ අනධ්‍යයන කාර්ය මණ්ඩල දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!