26.8 C
Galle

පෙදරේරුවාට හිනෙන් කියූ පැණිය බෙදීම දිසාපති අණින් නවතී

Published:

කෑගල්ල ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවකු හීනයෙන් ලැබුණු වට්ටෝරුවක් අනුව සැකසූ බව පවසමින් බෙදා හරින ලද කොරෝනා පැණිය යනුවෙන් හඳුන්වන ද්‍රාවණයක් බෙදා හැරීම අද (08) පස්වරුවේ දිසාපතිවරයාගේ අණින් නවතා දැමිණි.

තමන් වෙද මහත්මයකු යැයි කියාගන්නා ලද මෙම පෙදරේරුවා කොරෝනා රෝගයට ප්‍රතිකාරයක් සොයාගත් බවට මාධ්‍ය මගින්ගෙන ගිය ප්‍රචාරයක් හේතුවෙන් අද අළුයම සිට දහස් ගණනක් ඔහුගේ නිවසට පැමිණ එම ද්‍රාවණය ලබාගැනීමට රැස් කමින් සිටියහ.

මේ සිද්ධිය ගැන දැනගත් කෑගල්ල දිසාපතිවරයා ඔහු කැඳවා පවසා ඇත්තේ විශේෂඥ වාර්තා ලබෙන තුරු අදාල ද්‍රාවණය බෙදා හැරීම නවතන ලෙසයි. ඒ අනුව රැස්ව සිටි පිරිසට එම කරුණු පැහැදිලි කළ පෙදරේරුවා තම ද්‍රාවණය බෙදා හැරීම නවතා දැමුවේය.

Related articles

spot_img
error: Content is protected !!