26.8 C
Galle

පොල්ගස්දූව ආරණ්‍යයේ විදෙස් හිමිගේ මරණය ඝාතනයක් ?

Published:

රත්ගම කලපුවේ පාවෙමින් තිබිය දී සොයාගත් නෙදර්ලන්ත ජාතික භික්ෂුවගේ මරණය ඝාතනයක් විය හැකි බව පොලිසිය පවසයි.

පසුගිය දා අතුරුදන්ව සිටි භික්ෂුවගේ සිරුරු ඊයේ (08) සවස රත්ගම කලපුවේ තිබී හමුවිය. සිරුරේ පාදවල ගලක් ගැටගසා තිබූ බව ද පොලිසිය කියයි.

56 හැවිරිදි වියේ පසු වූ මෙම භික්ෂුව පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ වාසය කර තිබිණි. මෙම මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් සිදුකරනු ලැබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකරන ලදී.

(එල්.එච්.ගයාන් මහේෂ්)

Related articles

spot_img
error: Content is protected !!