26.8 C
Galle

මෝචරියේ ගොඩගැසුණු සිරුරු ආදාහනය කරන්න යැයි නීතිපති කියයි

Published:

තම ආගමික විශ්වාසයන් හේතුවෙන් මෘත දේහ ආදාහනය කිරීමට ඥාතීන් විරෝධය දැක්වීම හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 26 වැනි දින සිට අද දක්වා අවසන් කටයුතු කර නොතිබූ මළ සිරුරු 19ක් වහාම ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබේ.

දේහයක් අදාහානය කිරීමේ දී ඒ සඳහා දේහය ලෑලි පෙට්ටියක බහාලිය යුතු බව ආදාහනාගාරවල ඇති කොන්දේසියකි. දේහ ආදාහනය කිරීමට විරුද්ධ වූ පිරිස් ඒ සඳහා අවශ්‍ය පෙට්ටි ලබා නොදීම හේතුවෙන් මෘත දේහ ආදාහනය කළ නොහැකි විය. එමෙන්ම මියගිය පුද්ගලයකුගේ ඥාතීන් සිටිය දී ඔවුන්ගේ කැමැත්තක් නොමැතිව දේහයක් ආදාහනය කිරීමේ නීතිමය ගැටලුවක් ද පැවතීම හේතුවෙන් මෙලෙස මළ සිරුරු 19ක් කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ එකතුවී තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!