29.4 C
Galle

විදෙස් හිමි සියදිවි නසාගත්තා යැයි සැකයක්. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් විවෘත තීන්දුවක්

Published:

රත්ගම පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩවිසූ පූජ්‍ය ඔ්ලන්දයේ ජිනවංශ හිමිගේ අපවත්වීම සියදිවි නසා ගැනීමක් විය හැකියැයි සැකයක් මතුව තිබේ. අද (10) හිමියන්ගේ මෘතදේහය පිළිබඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණය සම්බන්ධයෙන් ලබා දී තිබුණේ විවෘත තීන්දුවකි.

මෙම හිමියන්ගේ දේහය පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වරුෂාහැන්නදි ප්‍රකාශ කර ඇත්තේ හිමියන් දියේ ගිලීමෙන් අපවත් වී ඇති බවයි. කෙසේ වෙතත් හිමියන්ගේ කකුලක ගලක් ගැටගසා තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලාබ දී පටක කොටස් ද වැඩිදුර පරීක්ෂණ සඳහා යවා තිබේ.

රත්ගම පොලිසිය හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!