29.9 C
Galle

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය වසා දමයි. කාර්යමණ්ඩලයේ 03ක් ආසාදිතයි

Published:

කොරෝනා ආසාදිතයන් 03 දෙනකු වාර්තාවීම හේතුවෙන් ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය අද (11) දහවල් සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමූ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පිළිබඳ තොරතුරු රැස්කර සෞඛ්‍ය අංශ සමඟ එක්ව ඔවුන් නිරෝධායනය සඳහා යොමුකරන බවත් ඉන් පසු තැපැල් කාර්යාලය විෂබීජහරණය කර නැවත නැවත මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳ සමාලෝචනය කර පසුව තීරණය කරන බව ද තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට තැපැල් කාර්යාලයේ ලිපි භාරගැනීම, බෙදාහැරීම සහ පාර්සල් බෙදාහැරීමේ කටයුතු ඇතුළු සියලුම මෙහෙයුම් නවතා දමා ඇත.

මෙම ආසාදිතයන් තිදෙනා වාර්තා වී ඇත්තේ පසුගිය (09) වැනි දා ගාල්ල නාගරික සෞඛ්‍ය කොට්ඨාස බල ප්‍රදේශයේ කරන ලද පීසීආර් පරීක්ෂණවලදීය.

Related articles

spot_img
error: Content is protected !!