29.9 C
Galle

කොරෝනා ආසාදිත මවක් නිවුන් දරුවන් බිහිකරයි

Published:

කොරෝනා ආසාදිත 23 හැවිරිදි කාන්තාවක් නිරෝගී දරුවන් දෙදෙනකු බිහිකළ බව මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරු කියති.

ඇය දියවැඩියාව හා අධි රුධිර පීඩනයෙන් පෙළීම හේතුවෙන් මෙම දරුවන් දෙදෙනා සිසේරියන් සැත්කමකින් බිහිකළ බව මුල්ලේරියාව රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ කීවේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා ආසාදිත ගැබිණියන් 170ක් මේ වනවිට මුල්ලේරියාව රෝහ‌ලේ දී දරුවන් බිහිකර ඇති අතර නිවුන් දරුවන් බිහිවූ පළමු අවස්ථාව මෙයයි.

මේ දරුවන් දෙදෙනා ප්‍රමාණවත් බරකින් නොමැති බැවින් නොමේරූ ළදරු ඒකකයක රැඳවිය යුතු වුවත් ඒ සඳහා අවශ්‍ය ඒකකයක් රෝහලේ නොමැති බව ද වෛද්‍යවරු පවසති.

මේ දරු උපත සිදුව ඇත්තේ පසුගිය ඉරිදා දිනයේ දී ය.

Related articles

spot_img
error: Content is protected !!