29.9 C
Galle

ගාල්ලේ ආසාදිතයන් අතර පාසල් ශිෂ්‍යාවන් 03 දෙනෙක්

Published:

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (11) වාර්තා වූ ආසාදිතයන් අතර පාසල් ශිෂ්‍යාවන් 03 දෙනෙක් සිටින බව අනාවරණය වෙයි.

ඔවුන් තිදෙනාගෙන් දෙදෙනකු එකම පවුලක දරුවෝය. දෙද්දුගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ මවක් හා මෙම දරුවන් දෙදෙනා ආසාදිත බව තහවුරු කරගෙන ඇති අතර එම දරුවන් දෙදෙනා 16 හා 14 වැනි වියේ පසුවෙති.

අනෙක් පාසල් ශිෂ්‍යාව පදිංචිව සිටින්නේ මිලිද්දුව ග්‍රාම නිලධාරී වසමේය. ඇය 14 හැවිරිදි ශිෂ්‍යාවකි.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඔවුන් සියලු දෙනාම රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බවයි. එම ශිෂ්‍යාවන් පාසල් ගිය දිනයන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමුකරන්නේ ද යන්න තීරණය කරන බවත් සෞඛ්‍ය අංශ පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!