28.9 C
Galle

ඉඳුරුවේ කොරෝනා පොකුරක අවධානමක්. PCR පරීක්ෂණවලට එන්නෙත් නෑ

Published:

ගාල්ල ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අද (14) කොරෝනා ආසාදිතයන් 10 දෙනකු හමුවී තිබේ.

මොවුන් 10 දෙනා හඳුනාගෙන ඇත්තේ ඉඳුරුව ප්‍රදේශයේ එක් ගම්මානයක පදිංචි 44 දෙනකුට කරන ලද පීසීආර් පරීක්ෂණවලිනි. බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරයන්හි නිරතව සිටිය දී කොරෝනා ආසාදනය වූ පුද්ගලයකු හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් පසුගිය දින කිහිපයක සිට ආසාදිතයන් කිහිප දෙනකු හමුවීම හේතුවෙන් ගම්මානයේ විශාල පිරිසකට පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කළ ද ඔවුන් ඉදිරිපත් නොවූ බව දසෞඛ්‍ය අංශ පවසයි.

මේ හේතුවෙන් ඉඳුරුව ප්‍රදේශයේ කොරෝනා පොකුරක් බිහිවීමේ අවදානමක් ඇති බව ද ඔවුහු කියති.

Related articles

spot_img
error: Content is protected !!