28.9 C
Galle

ගාල්ලෙන් අද ආසාදිතයන් 29ක්. ඔවුන් පදිංචි ප්‍රදේශ මෙන්න

Published:

ගාල්ලෙන් අද (14) කොරෝනා ආසාදිතයන් 29ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් අද දිනයේත් වාර්තා වී ඇත්තේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 16 දෙනෙකි. ඔවුන් සියලු දෙනාම ගාල්ලේ මේ වනවිට සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල පදිංචිකරුවෝය.

ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 10 දෙනකු වාර්තා වී ඇත. ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි වරාය ආධිකාරී සේවයකු සහ හෝටල් සේවකයකු ලෙස කොළඹ රැකියාවේ නිතර පුද්ගලයන් 02දෙනකු ආසාදිත බව හඳුනාගෙන ඇත.

අනෙක් ආසාදිතයා හමු වී ඇත්තේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිංතොට ප්‍රදේශයෙනි. එම කාන්තාව ගාල්ලේ දැනට සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශයේ ආසාදිත අයකුගේ ආශ්‍රිතයකු බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!