28.9 C
Galle

ගුවන් නියමුවන් පුහුණු යානයක් අතුරුදන්. යානය සොයා මෙහෙයුම්

Published:

ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීම සඳහා යොදා ගන්නා යානයක් ගුවන් යානා මෙහෙයුම් මැදිරිය හා තිබූ සම්බන්ධතාවලින් බැහැරව ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ගුවන්ට නියමු පුහුණු අභ්‍යාස ආයතනයේ නියමුවන්ගේ පුහුණු කටයුතු සඳහා මෙම යානය ත්‍රිකුණාමලය චයිනා බේ ගුවන් හමුදා කඳවුරෙන් පිටත්ව ගොස් ඇත. පස්වරු 1.55ට පමණ එම යානය සමඟ ගුවන් යානා පාලක මැදිරිය පවත්වාගෙන ගිය සම්බන්ධතා ඇණ හිට ඇති බැවින් ඒ පිළිබඳ සොයා බැලීමට දැනටමත් ගුවන් හමුදාවේ යානා කිහිපයක් එම යානය අවසන් වතාවට වාර්තා කළ  ප්‍රදේශයට පියාසර කර ඇත.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ කියා සිටියේ මේ පිළිබඳ ඉතා ඉක්මණින් නිල නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කරනබවයි.

Related articles

spot_img
error: Content is protected !!