28.9 C
Galle

වාහන අංක තහඩුවෙන් පළාත් අකුරු ඉවතට

Published:

වාහන අංක තහඩුවල ඒ ඒ පළාත් හඳුනාගැනීම සඳහා යොදා ඇති පළාත් අකුරු ඉවත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

මේ සම්බන්ධ යෝජනාව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. එහි දැක්වෙන්නේ මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දී සෑම වාහනයකට ම අනන්‍ය වූ අංකයක් නිකුත් කරන බැවින් දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය හරහා එම වාහනය හඳුනාගැනීමේ හැකියාවක් පවතින බවයි.

මෙලෙස පළාත් සඳහා අකුරු යොදා තිබීම හේතුවෙන් වාහන හිමිකම් පැවරීමේ දී අංක තහඩු වෙනස් කිරීමට සිදුව තිබිණි. නව ක්‍රමය අනුව එවැනි අවශ්‍යතාවක් මින් ඉදිරියට ඇති නොවනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!