28.9 C
Galle

බේරුවල දුම්රිය ස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා දමයි

Published:

බේරුවල දුම්රිය ස්ථානය අද (15) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දුම්රිය ස්ථානයේ සේවය කරන දුම්රිය කාර්ය සහායකයකු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගැනීම හේතුවෙන් බේරුවල දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය දුම්රිය ස්ථානයේ දී ම නිරෝධායනයට යොමුකර තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මේ හේතුවෙන් බේරුවල දුම්රිය ස්ථානයේ කිසිදු දුම්රියක් නතර නොකරන බවයි. එම ස්ථානයේ නැවැත්වීමට නියමිත දුම්රිය මග්ගොන හා හෙට්ටිමුල්ල දුම්රිය ස්ථානවල නවත්වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව මගීන් වෙත දැනුම් දෙයි.

Related articles

spot_img
error: Content is protected !!