30 C
Galle

ගාල්ලේ පදිංචි ආසාදිතයාගේ සිරුර රජයේ වියදමින් ආදාහනය කරයි

Published:

ගාල්ලේ දෙද්දුගොඩ දී පසුගිය 19 වනදා මියගිය කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මළ සිරුර අද(24) මීට සුළු මොහොතකට පෙර රජයේ වියදමින් ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී ආදාහනය කෙරිණි.

මෙලෙස මියගොස් තිබුණේ  84 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි. ඔහුගේ මරණය හෘදයේ සංකූලතා හා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් සිදුවූවක් බව මරණ පරීක්ෂණයේ දී තීරණය විය.  මුස්ලිම් ජාතිකයෙකු වූ මියගිය තැනැත්තාගේ සිරුර, ආදාහනයට විරුද්ධ වූ ඥාතීන් විසින් බාර නොගැනීම නිසා මෙලෙස රජයේ වියදමින් ආදාහන කටයුතු සිදුකරන ලදී.

සැ.යු. මළ සිරුරු ආදාහනය වැනි කාරණා සම්බන්ධයෙන් ඡායාරූප පළ නොකිරීම මාධ්‍ය ආචාරධර්ම අනුව අප විසින් සිදු නොකරන කාර්යයක් වුව ද මෙම මරණය සම්බන්ධයෙන් පසුගිය දික කිහිපය තුළ පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එය මෙසේ පළකරන්නෙමු.

Related articles

spot_img
error: Content is protected !!