28.9 C
Galle

පාසල් සිසුවකු නිසා පොලිසියේ කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනේ

Published:

කළුතර දකුණ පොලිස් ස්ථානයේ  අංශ තුනක ස්ථානාධිපතිවරු ඇතුළු සිව් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පොලිසියෙන් මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ පාසල් සිසුවකු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයන් සොයා කරන ලද පරීක්ෂණවලිනි.

ඊයේ (24) උදෑසන බස්නාහිර පළාත් සීමාවේ කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් පාස්ල සිසුවකු ආසාදිතයකු බව සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන තිබිණි. ඔහුගේ පියා කළුතර පොලිසියේ නිලධාරියෙකි. ඔහු සඳහා සිදුකරන ලද පරීක්ෂණයෙන් තහවුරු වූයේ එම නිලධාරියා ද කොරෝනා ආසාදිතයකු බවයි. ඒ අනුව කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් 60 දෙනකුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබූ අතර ඉන් තවත් නිලධාරීන් 04 දෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබිණි.

මෙම ආසාදිත අය අතර කළුතර දකුණ පොලිසියේ අංශ භාර ස්ථානාධිපතිවරු තිදෙනකු හා කොස්තාපල්වරියක් ද සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

පොලිස් ස්ථානයේ අනෙක් නිලධාරීන් අද (25) පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට කටයුතු කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!